මම කියවපු පොතක් ගැන කියන්න හිතුන. කතුවරයා "චිංගීස් අයිත්මාතව්", පොත "ගුරු ගීතය". හුඟක් අය මේක කියවල ඇති, කතාවත් දන්නව ඇති. මේ ඒ ගැන නොදන්න ටික දෙනාට.
මේ පොතේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය තුළ. තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන තමා මේකෙ කියන්නෙ.
කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න.
කතුවරයා ගැනත් චුට්ටක් කියන්නම්. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, "සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය" හා "රාජ්‍ය ත්‍යාගය" දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්.
තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මට මේ පොත ගැන කිව්වෙ මම IDM Computer Studies එකේ පරිගණක පාඨමාලාවක් හදාරන කාලෙ ඒකෙ හිටපු මගෙ යෙහෙළියක්. පස්සෙ මම පොත මිලදී ගත්ත. ඊට පස්සෙ මම චිංගීස් අයිත්මාතව්ගෙ පොත් එකතු කරන්න පටන් ගත්ත. ඒව හුඟක් ලස්සනයි. තව මට එකතු කරගන්න පොත් කිහිපයක් තියෙනව. ඒ ටිකත් ගන්න ඕනෙ.

10:13 PM
Unknown
Posted in



Send a mail to madhawa86(at)gmail(dot)com.



