මේ තවත් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ප්‍රවාදයක්. මතකයිනෙ අර මම ඉස්සෙල්ල කිව්ව පූස් පැටිය? එදා ගෝලයට පැරදුනාට පස්සෙ ගුරු හාමුදුරුවො හැසිරුනේ පරෙස්සමෙන්, නමුත් ගෝලයව පරද්දන්න ක්‍රමයක් හිත හිතා.
මේ පූස් පැටිය නිසා වෙච්චි දෙයින් පස්සෙ ගුරු හාමුදුරුවො පූසා එක්ක මිතුරුව ඉන්න හිතුව. අන්තිමට ගෝලයට වඩා ගුරු හාමුදුරුවො එක්ක මේ පූසා මිතුරු උනා. ගුරු හාමුදුරුවන්ටත් මේකව නැතිවම බැරි උනා, දැක්කෙ නැති උනාම පාළු හිතුන.
මූව නිකං තියාගෙන ඉන්න එකේ මුගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව ගුරු හාමුදුරුවො, මේ පූසට, හාමුදුරුවො පොත් කියවනකොට ලන්තෑරුම අල්ලන් ඉන්න පුරුදු කලා. පූසත් ඉක්මන්ටම වැඩේ අල්ල ගත්ත. කොච්චර හොඳට පුරුදු උනාද කිව්වොත් හාමුදුරුවො රාත්‍රියෙදි පොත් රාක්කයෙන් පොතක් ගත් වහාම පූසා ලන්තෑරුම අතට ගත්ත.
ඉතින් ටික දවසක් යනකොට ගුරු හාමුදුරුවො හිතුව මේකෙන් ගෝලයව පරද්දන්න මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න.
දවසක් ගුරු හාමුදුරුවොයි, ගෝල නමයි කතා කරකර ඉන්නකොට ගුරු හාමුදුරුවො පොඩි නමගෙන් ඇහුව,
"රාහුල, ජම්මෙද ලොකු පුරුද්දද?" කියල.
රාහුල පොඩි හාමුදුරුවො කිව්ව, "ජම්මෙ" කියල.
"නෑ නෑ පොඩි නම, වඩා ලොකු පුරුද්ද" කියල ආපහු ගුරු හාමුදුරුවො කිව්ව. කොහොම හරි දෙන්න ටික වෙලාවක් මේ ගැන වාද කර කර හිටිය.
අන්තිමට ලොකු හාමුදුරුවො කිව්ව,
"හරි. මම අද රෑට පෙන්නනම්කො පුරුද්ද වඩා ලොකු බව".
ඉතින් රෑ ගුරු හාමුදුරුවො පොඩි නමත් එක්ක කාමරයට ගිහින් පොත් රාක්කය ලඟට ගිහිල්ල පොතක් අරගත්ත. මතකයිනෙ පූස? ඔන්න ඌත් ඉතින් පුරුදු පරිදි ලන්තෑරුම අතට අරන් මේසයට නැග්ග.
රාහුල පොඩි හාමුදුරුවො දිහා බලපු ගුරු හාමුදුරුවො,
"දැක්කද පොඩි නම? පුරුද්ද තමා ලොකු" කියල කිව්ව.
මඳ සිනහවක් පාපු පොඩි නම, කාමරයේ තිබුන මී කූඩුවක හිටපු මීයෙක් එලියට අරන් හාමුදුරුවන්ගෙ මේසය උඩින් අර පූසට පේන්න තිබ්බ. පරම්පරා ගානක් තිබ්බ ජන්ම ගතිය මතක් උනු පූසා, ලන්තෑරුම පැත්තකට විසි කරල මීය පස්සෙ පන්නන්න ගත්ත. එදා ඉඳන් ලොකු හාමුදුරුවන්ට පුරුද්ද ලොකු උනේ නෑ.
“DSLR රහස්” photography & Cinematography
5 weeks ago

7:29 AM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




ජම්මෙට වඩා පුරුදුද ලොකුයි කියන්නේ කට කහනවට නෙවෙයි වගේ :D
ReplyDelete